Search

KIA මෝටර් රථ මාලිදි 2ක් හදිසියේම යළි කැදවයි

මෘදුකාංග දෝෂ කිහිපයක් පදනම් කරගෙන KIA වාහන මාදිලි දෙකක් නැවත කැදවීමට පියවර ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් 2021 සිට 2024 දක්වා කාල සීමාව තුළ වෙළදපොලට පැමිණි CV EV6 මෙන්ම 2023 සහ 2024 යන වසරවලදී වෙළදපොල වෙත නිකුත් කරන ලද MQ4 PE Sorento යන වාහන මාදිලිවලට අයත් මෝටර් රථ 10,000 කට වැඩි ප්‍රමාණයකට බලපෑම් එල්ල විය හැකි බවටයි වාර්තා වන්නේ.

සංයුක්ත ආරෝපන ඒකකයේ (ICCU) ඇතිවිය හැකි අභ්‍යන්තර දෝෂයක් මත CV EV6 වාහන මාදිලියට අයත් මෝටර් රථ නැවත කැදවීමට පියවර ගෙන තිබෙන බවයි සැලකෙන්නේ.

මෙම දෝෂය පදනම් කරගෙන අනතුරු ඇගවීමේ ආලෝක සංඥා නිකුත් විය හැකි අතර මෝටර් රථයේ 12 Volt බැටරිය ද ආරෝපණය වීම නතර වන බව ද සදහන් වනවා.

මෙලෙස නැවත කැදවීමට තීරණය කර තිබෙන MQ4 PE Sorento මාදිලියට අයත් මෝටර් රථවල Turn Indicator Lights / Daytime Running Lights නිසි පරිදි ක්‍රියාත්මක නොවිය හැකි බවයි සමාගම විසින් හදුනාගෙන ඇත්තේ.

මෙවැනි පසුබිමක් තුළ මාර්ග අනතුරු සිදුවීමේ අවදානමක් පවතින බව ද සදහන්.

මෙම දෝෂ හේතුවෙන් බලපෑමට ලක්ව තිබෙන වාහන ලැයිස්තුව (VIN) ප්‍රවාහන දෙපාර්තුමේන්තු වෙබ් අඩවියට දැනටමත් ඇතුලත් කර තිබෙනවා.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »