උත්සව සමයේ ක්වීන්ස්ලන්ඩ් හි නවතම COVID ප්‍රබේදයක් ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ අනතුරු ඇගවීක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ක්වින්ස්ලන්ඩ් හි නව COVID ප්‍රභේදය වැළඳෙන සෑම පුද්ගලයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකු රෝහල් ගත කරන බවටයි වාර්තා වන්නේ.
උත්සව සමය තුළ ක්වින්ස්ලන්ඩ් හි Covid වැළද රෝහල්ගතවීම් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ක්වීන්ස්ලන්ඩ් හි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි වෛද්‍ය හෙයිඩි කැරොල් සදහන් කලේ මෙම තත්වය අවදානම් මට්ටමකට පැමිණ ඇති බවයි.
දෙසැම්බර් මස සෑම දිනකම සාමාන්‍යයෙන් ක්වීන්ස්ලන්ඩ් වැසියන් 258 දෙනෙකු Covid රෝගින් ලෙස හදුනාගන්නා බව සදහන්.
මීට අමතරව මේ දින වල ක්වින්ස්ලන්ඩ් හි ජනතාව අතර කැස්ස රෝගය පැතිරයෑමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ සදහන් කළා.
2014 සිට 2023 දක්වා සමස්ත ආසාදන සංඛ්‍යාව අභිබවමින් 2024 වසරේදි කැස්ස රෝගීන් 14000ක් වාර්තා වී තිබුණා.
වෛද්‍ය කැරොල් පැවසුවේ කැස්ස රෝගීන් රෝහල්ගතවීම ද ඉහළ අගයක් ගන්නා බවයි.
එම රෝගීන්ගෙන් වැඩිදෙනෙක් වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් සහ කුඩා ළමුන් වන අතර එම පිරිස් වැඩි වශයෙන් අවධානයෙන් පසුවන ලෙස දැනුම් දෙනවා.
විශේෂඥයින් විශ්වාස කරන්නේ අඩු එන්නත් කරන අනුපාතය Covid අවදානම ඉහළ යෑමට හේතු බවයි.
මෙම නිවාඩු සමයේ Covid ව්‍යාප්තිය වාර්තාගත ලෙස ඉහළ යනු ඇති අතර ජනතාව හැකිතාක් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසයි උපදෙස් ලබා දෙන්නේ.