සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනය වසර 49 කට පසු නව වාර්තාවක් තබා තිබෙනවා.
ඒ වැඩිම ප්‍රක්ෂකයින් පිරිසක් ක්‍රීඩාංගනයට පැමිණ 1976 වසරේ තිබූ වාර්තාව බිද දැමීමෙන් වීම විශේෂත්වයක්.
ඒ අනුව සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පස්වැනි ඉන්දීය – ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ ම වාර්තාගත ප්‍රේක්ෂකයින් පිරිසක් ක්‍රීඩාංගනය වෙත පැමිණීමත් සමගයි.
ඊයේ දින ප්‍රේක්ෂකයින් 47,566 ක් එම තරගය නැරඹීම සදහා SCG වෙත පැමිණ තිබුණා.
ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වූ ටෙස්ට් තරගයක් සඳහා මෙතෙක් වාර්තා වූ වැඩිම ප්‍රේක්ෂකයින් සංඛ්‍යාව ලෙසද වාර්තා අතරට එක්වෙනවා.
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය X පණිවුඩයක් තබමින් සදහන් කලේ පළමු දිනයේ දිවා ආහාරය වන විට ප්‍රේක්ෂකයින් 45,465 ක් SCG වෙත පැමිණ සිටි බවයි.