වර්තමානයේදී ඔස්ට්‍රේලියාවේ වැඩිම ඉල්ලුමක් සහිත රැකියා සහ ඔවුන්ට ලැබෙන වැටුප සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදු කර තිබෙනවා.
පසුගිය වසරේ නිකුත් කෙරුණු නවතම රැකියා දත්තවලට අනුව ඔස්ට්‍රේලියාවේ රැකියා පුරප්පාඩු මිලියන 1.9ක් පමණ තිබුණ ද තවමත් රට පුරා නිපුණතා සහිත ශ්‍රමිකයන්ගේ විශාල හිඟයක් පවතින බවයි සඳහන් වන්නේ.
BizCover විසින් සිදු කළ සමීක්ෂණය මගින් ඔස්ට්‍රේලියාවේ විදුලි කාර්මික ක්ෂේත්‍රයේ සිට වහල අලුත්වැඩියා සහ පින්තාරු කරන්නන් දක්වා වැඩිම ඉල්ලුමක් ඇති වෙළඳ රැකියා හෙළි කර තිබෙනවා.
මෙම විවිධ රැකියා සඳහා වාර්ෂිකව Google ඔස්සේ සිදු කළ සෙවීම් දහස් ගණනකින් ද මෙම රැකියා ශ්‍රේණිගත කිරීමට අදාළ සංඛ්‍යාලේඛන ලබාගෙන ඇති බව සඳහන්.
ඒ අනුව වැඩිම වැඩිම ඉල්ලුමක් සහිත මෙන්ම වැඩිම සෙවුම් වාර සංඛ්‍යාවක් ඇති රැකියාව ලෙසට පළමු තැනට පැමිණ ඇත්තේ විදුලි කාර්මික වෘත්තියයි.
ඔවුන්ට සාමාන්‍යයෙන් පැයකට ඩොලර් 49.74ක් පමණ උපයා ගත හැකි අතර විදුලි කාර්මික රැකියා සඳහා වාර්ෂිකව Google ඔස්සේ සෙවීම් 624,540ක් පමණ සිදු කෙරෙන බව සඳහන්.
පැයකට ඩොලර් 44.33ක් පමණ උපයා ගත හැකි වඩු කාර්මික ශිල්පින් මෙම ශ්‍රේණිගත කිරීමේ දෙවන තැනට පැමිණ තිබෙනවා.
කොන්ක්‍රීට් වැඩ සිදු කරන සේවකයන් තුන්වන තැනට පැමිණ ඇති අතර ඔවුන් සාමාන්‍යයෙන් පැයකට ඩොලර් 37.89ක පමණ වැටුපක් උපයන බවයි සඳහන් වන්නේ.
වාර්ෂිකව කොන්ක්‍රීට් වැඩ සඳහා පුද්ගලයන් 157,800ක් පමණ Google ඔස්සේ සෙවීම් සිදු කර තිබෙනවා.