
මේ දින වල මෙල්බන් අවට ආරක්ෂිතව පිහිනීම සදහා යායුතු ස්ථාන 5ක් පිළිබද වාර්තාවක් TimeOut සගරාව විසින් ඉදිරිපත් කර තිබෙනවා.
මේ දිනවල බොහෝ දෙනෙක් ජනාකීර්ණ වෙරළ තීර වෙත ඇදී එන අතර නිදහසේ විනෝද වීමට නොහැකි බව බොහෝ දෙනා පවසනවා.
පිහිනීමට කැමති බොහෝ දෙනෙක් තවමත් මෙල්නන් හි නොගිය තැන් පවතින බවයි වාර්තා වන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රැම්පියන් ප්‍රදේශයේ දිය නෑම සදහා ජනතාව සැම විටම මැකෙන්සි ඇල්ල තෝරාගන්නා අතර ඉන් කිලෝමීටර 2.5 දුරින් පිහිටි Venus Baths වෙත යෑම වඩාත් සුදුසු බවයි නිර්දේශ කරන්නේ.
මීට අමතරව Blackwood Pool, ද මෙල්බන් වැසියන් බොහෝ දෙනෙකුට අමතක වන සංචාරක කලාපයක් ලෙසයි නම් කෙරෙන්නේ.

මීට අමතරව Fairy Cove, Wilsons Promontory සහ Pound Bend, Warrandyte ස්ථානද මෙල්බන් හි වැඩි දෙනෙකුගේ නෙත නොගැටුණු සංචාරක ස්ථාන ලෙසයි නම් කර ඇත්තේ
ඕනෑම ස්ථානයකින් දිය නෑමට පෙර එහි ආරක්ෂිතතාව වඩාත් වැදගත් වන අතර 2025 වසරේ ගතවූ දින 3ට දියේ ගිලීම් ආශ්‍රිත මරණ 10කට වඩා ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වුණා.