කොවිඩ් රෝගයට සමාන ලක්ෂණ ඇති තවත් රෝගයක් මේ දිනවල චීනයේ පැතිර යන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එය, හියුමන් මෙටැප්නියුමෝ වයිරසය (HMPV) ලෙසයි නම් කර ඇත්තේ.
සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ කිහිපයක් මගින්, චීනයේ රෝහල් හියුමන් මෙටැප්නියුමෝ වයිරසය (HMPV) ඇතුළු ශ්වසන රෝග නිසා රෝහල්ගතවන රෝහල්ගතවන රෝගීන්ගෙන් පිරීයන ස්වභාවයක් පෙන්නුම් කරන බව සඳහන්.
උණ සහ කොවිඩ්-19 වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන HMPV හි වේගවත් ව්‍යාප්තියක් ඇති බව සෞඛ්‍ය නිලධාරීන් පවසා තිබෙනවා.
චීනයේ හදිසි තත්වයක් ඇති බව පිළිබඳ තහවුරු නොකළ ප්‍රකාශ සමාජගතව ඇතත්, විශ්වාසදායක මූලාශ්‍ර කිසිවක් මෙම ප්‍රකාශ තහවුරු කර නැහැ.
කොවිඩ්-19 ගෝලීය ජීවිතයට බාධා කිරීමෙන් වසර පහකට පසු මෙම තත්වය තවත් වසංගතයක් පිළිබඳ බියක් ඇති කර තිබෙනවා.
කෙසේ වෙතත්, චීන සෞඛ්‍ය බලධාරීන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මේ වන තෙක් නව වසංගතයක් වාර්තා කර හෝ කිසිදු හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැහැ.
මේ අතර අමෙරිකානු පෙනහළු සංගමය මානව මෙටැප්නියුමෝ වයිරසය (HMPV) උග්‍ර ශ්වසන ආසාදන සඳහා සැලකිය යුතු හේතුවක් ලෙස හඳුනා ගෙන ඇති අතර එය 2001 දී නෙදර්ලන්තයේ පර්යේෂකයන් විසින් සොයා ගන්නා ලද වෛරසයක්.