Search

වික්ටෝරියා වාහන හිමියන් මේ දින වල අවධානයෙන් ඉන්න

මේ දින වල වික්ටෝරියා හි තරුණ අපරාධ රැල්ලක් ක්‍රියාත්මක වන බැවින් වික්ටෝරියා පොලීසිය විශේෂ වැටලීමක් ආරම්භ කර තිබෙනවා.

දෙසැම්බර් 31 වනදා සිට මේ දක්වා මෙල්බන් හී තරුණ අපරාධකරුවන් 41 දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස අතර 18ට අඩු ළමුන් වැඩි පිරිසක් සිටින බව අනාවරණය වනවා.

මෙල්බන් නගරය කේන්ද්‍ර කරගමින් වැඩි අපරාද සංඛ්‍යාවක් සිදුව ඇති අතර ප්‍රචණ්ඩ ක්‍රියා,සොරකම්, මංකොල්ලකෑම් සහ මෝටර් රථ සොරකම් මෙම අපරාධ අතර පෙරමුණට පත්ව තිබෙන්ව.

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය කියා සිටියේ, ගතවූ දින 3 තුළ තරුණ අපරාධකරුවන් සම්බන්ධයෙන් චෝදනා 150 ක් පමණ ලැබී ඇති බවයි.

ඊයේ (03) අලුයම 3ට පමණ වාහනයක් සොරකම් කිරීමට තැත්කල අවුරුදු 17ක් වයසැති බාලවයස්කරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

ඒ අනුව මේ දින වල වාහන Park කිරීමේදි වඩාත් පරික්ෂාකාරි වන ලෙස වික්ටෝරියා පොලීසිය මහජනතවට දැනුම් දී තිබෙනවා.

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මරණ සහ අතුරුදන් ගණන වාර්තාගත ලෙස ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ දැඩි සුළං මේ සතියේ නැවතත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගිනි නිවන භටයින් ලැව්ගිනි තුනක් පාලනය කිරීමට තරඟ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »