
ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙමින් ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයට ගෙනයෑමට තරූෂ පෙරේරාට හැකියාව හිමිව තිබෙනවා.
තරුෂ දැනට ඔස්ට්‍රේලියාවේ පදිංව සිටින පිහිනුම් අංශයෙන් වඩාත් දස්කම් දක්වන ළාබල ක්‍රීඩකයෙක්
තරූෂ වයස අවුරුදු 3 සිට පිහිනීමට කැමැත්ත දක්වා ඇති අතර ඔහු පිහිනුම් අංශයෙන් දැනට තරග වදින සෑම තරගයක දීම ශ්‍රී ලංකාව නියෝජනය කිරීම විශේෂත්වයක්.

පසුගිය වසරේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් World Junior Open Water Championships සදහා ද ඉදිරිපත් ව තිබෙනවා.
තරූෂ ජාතික සහ ජාත්‍යන්තර තරග රැසකින් ශ්‍රී ලංක්දව නියෝජනය කරමින් ජයග්‍රාහනය කර තිබීම ගැන ඔහු මහත් ආඩම්බරයට පත් වුණා.

ඔස්ට්‍රේලියාවේ පිහිනීම හැදෑරීමෙදී ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සමග අභියෝගයක් පැවතිය ද ඒ සියල්ල ජය ගැනීමට තරුෂට හැකිව තිබෙන බව සදහන්.
තරූෂට මේ වන විට ද්විත්ව පුරවැසිභාව හිමි අතර ඔස්ට්‍රේලියාවේ සියලු පුහුණුවීම් කළද ශ්‍රී ලංකාව නියෝජනය කිරීම ඔහුගේ අරමුණ බවයි කියා සිටියේ.