
ග්‍රීෂ්ම සෘතුවේ වසර 40කට පසු දකුණු ඔස්ට්‍රේලියාවටදරුණුතම නියං තත්වය උදා වී තිබෙනවා.
පවතින නියං කාළගුණික තත්වය හමුවේ උෂ්ණත්වයද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ වගාබිම් සදහා අවශ්‍ය වාර්ෂික වර්ෂාපතනය අඩුව ඇති බැවින් කෘෂිකාර්මික ක්ශ්‍රේත්‍රයේ ද අර්බුද රැසක් උත්ගතව ඇති බව සදහන්.

සීමිත වර්ෂාපතනයක් ප්‍රාන්තයේ තැන් කිහිපයකට ඇදහැලුණ ද වාර්තාගත වැඩිම උෂ්ණත්වය මෙය බවයි කාලගුණ විද්‍යා කාර්යාංශය සදහන් කළේ.
නියං සහිත කාලගුණයත් සමග ලැව්ගිනි ඇතිවීමේ අවදානම ඉහළ බැවින් මේ දින වල ගිනි තැබීම් කටයුතු වලින් වැළකි සිටින ලෙසයි දකුණු ඔස්ට්‍රේලියානු ජනතාවට දැනුම් දී ඇත්තේ.

මේ හේතුවෙන් ආහාර නිශ්පාදන පිරිවැයද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.