විශ්‍රාමිකයින් සඳහා ලෝකයේ ඉහළම සංචාරක ආකර්ශනය සහිත නගරය ලෙස මෙල්බන් නගරය නම් කර තිබෙනවා.
එම ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානය සිඩ්නි හිමිකරගෙන ඇති අතර හයවන ස්ථානයට බ්‍රිස්බන් නම් කර තිබුණා.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ නගර 3ක් විශ්‍රාමිකයින් සඳහා වඩාත් සුදුසු සංචාරක නගර ලෙස නම් කර තිබීම විශේෂත්වයක්.
විශ්‍රාමිකයින් සිය සැඳෑ සමය ගතකිරීමට වඩාත් ආකර්ශණිය සහ සාමකමී පරිසරයන් තොරාගන්නා අතර සංචාරක රක්‍ෂණ වෙබ් අඩවියක් වන Paying too much වෙබ් අඩවිය විසින් මෙම වාර්තාව නිකුත් කර තිබුණා.
තවද මෙම ශ්‍රේණිගත කිරීම් ඉදිරිපත් කිරීම සඳහා වයස අවුරුදු 60 ට වැඩි සංචාරකයින් භාවිත කර ඇති බව වැඩිදුරටත් සඳහන්.
එම ශ්‍රේණිගත කිරීමේ තුන්වන ස්ථානය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරය ද 4වන ස්ථානය ජර්මනයේ බර්ලින් නගරය ද හිමිකරගෙන තිබුණා.
තවද විශ්‍රාමිකයින් සඳහා ලෝකයේ ඉහළම සංචාරක ආකර්ශනය සහිත නගර 10 අතුරින් අවසන් ස්ථානය සිංගප්පූරුව හිමිකරගෙන තිබීම විශේෂත්වයක්.
රටවල් ලෙස ගැනීමේදී විදෙස් සංචාරකයින් විශ්‍රාම ගැන්වීම සදහා තෝරාගන්නා ප්‍රධාන රටවල් 4 ලෙස ඔස්ට්‍රේලියාව,කැනඩාව,නවසීලන්තය සහ සිංගප්පූරුව නම් කර තිබෙනවා.