Search

ඔස්ට්‍රේලියාවෙන් වත්මන් ශ්‍රී ලංකා රජයට පැසසුම්

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් ස්ටීවන්ස් සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අතර හමුවක් අද පවත්වා තිබෙනවා.

වත්මන් ශ්‍රී ලංකා ජනපති අනුර කුමාර දිසානායක බලයට පත්ව සාර්ථකව දින 100ක් සම්පූර්ණ කිරීම ගැනද එහිදි ස්ටීවන්ස් විසින් සුබ පැතුම් ද එක්කර තිබුණා.

2025 වසරේ ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කර ගත හැකි ආකාරය පිළිබඳව එහිදි  සාකච්ඡා කර තිබෙනවා.

ගැඹුරු මිනිස් සබඳතා, ඉන්දියානු සාගර කලාපයේ හවුල්කාරීත්වය, ක්‍රිකට් ක්‍රීඩාවට වැනි දෑ මගින්  ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව එක්සත් කර හැකි ආකාරය ගැනද එහිදි කතා කළා.

ඒ සදහා බොහෝ දේ ඇති අත ඉදිරි කාලය තුළ අපගේ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ස්ටීවන්ස් පවසනවා.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »