ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 187 කට ආසන්න වී තිබෙනවා.
එහිදී ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් මිල සටහන් වූයේ රුපියල් 186 යි ශත 96 ක් ලෙසයි.
ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැනුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 177 යි ශත 66 ක් ලෙසයි.
අද දිනයේ දී අමෙරිකානු ඩොලරයක විකිණුම් මිළ සටහන් වූයේ රුපියල් 297යි ශත 64 ක් ලෙස වන අතර එහි ගැණුම් මිල රුපියල් 289 යි ශත 09 ක් වනවා.
ඒ අනුව පසුගිය සතිය තුළ ඔස්ට්‍රේලියානු ඩොලරයේ අවම විකුණුම් අගය රුපියල් 187 ක් වු අතර මේ වන විට සුළු පහත වැටීමක් සිදුව ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ.
එම වාර්තා අනුව යූරෝවක විකුණුම් මිල රුපියල් 307.74 වන අතර එහි ගැණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 295.50 ක් ලෙසයි.