
ඉතිහාසයේ පළමු වරට ටෙස්ලා සමාගමේ සිය වාර්ෂික විකුණුම් පහත වැටීම පිළිබඳ තොරතුරු ඊයේ (02) වාර්තා කළා.
වැඩිවන තරඟකාරිත්වය සහ EV සඳහා වූ මන්දගාමී ඉල්ලුම හේතුවෙන් විකුණුම් පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.
ටෙස්ලා අලෙවියට වඩා ප්‍රතිවාදී චීනයේ BYD අලෙවිය ඉදිරියට පැමිණ ඇති බව සදහන් වනවා.

ඒ අනුව ටෙස්ලා හි පූර්ණ වාර්ෂික අලෙවිය හමුවේ BYD හි වාර්ෂික EV එකතුව 24,000කින් ඉහළ ගොස් ‘ලොව විශාලතම EV නිෂ්පාදකයා’ යන නාමය රඳවාගෙන ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
2023 වසරට සාපේක්ෂව, ටෙස්ලා හි 2024 වසරේ විකුණුම්, එහි මුළු ආදායමට වඩා 1% කින් පහත වැටී බවත් සඳහන්.

සමාගම එවැනි පහත වැටීමක් වාර්තා කළ පළමු අවස්ථාව මෙය වීම විශේෂයි.
මේ අතර මස්ක්ගේ ටෙස්ලා සමාගමට BYD වැනි චීන ප්I පමණක් නොව General Motors, Ford, Volkswagen AG සහ කොරියානු හවුල්කරුවන් වන Hyundai සහ Kia වැනි පැරණි ගෝලීය මෝටර් රථ නිෂ්පාදකයින් හමුවේද දැඩි තරඟයක නියැලීමට සිදුව ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.