පිලිප් කුමරුන්ගේ පළමු මෝටර් රථය තවමත් ලංකාවේ !!!

දෙවන ලෝක යුද සමයේදී 19 හැවිරිදි පිලිප් කුමරු නාවික හමුදාවේ කැඩේට් භටයෙකු ලෙස සේවය කළ අතර ඒ සමයේදී ඔහු ස්ථානගත කොට සිට ඇත්තේ ශ්‍රී ලංකාවේයි.

1940 වර්ෂයේදී පිලිප් කුමරු සේවය කර තිබුනේ HMS Ramilies නම් යුද නෞකාවේයි. එම නෞකාව ඒ වන විට කොළඹ ස්ථානගත කර තිබුණා.

එම නෞකාවට පැවරී තිබුණු ප්‍රධාන කාර්ය භාරය වුයේ ඕස්ට්‍රේලියාවේ සිට පැමිණෙන භාණ්ඩ ප්‍රවාහන නෞකාවන්ට කිසිදු බාධාවකින් තොරව මධ්‍යධරණ මුහුද දක්වා ගමන් කිරීමට ආරක්ෂාව සැපයීමයි.

පිලිප් කුමරු ඉන් පසුව HMS Kent සහ HMS Shropshire නම් යුද නෞකාවල සේවය කරනු ලැබුවා.

වරක් ත්‍රිකුණාමලය වරායේ මිණුම් කටයුතු සඳහා එහි සිටින නාවික නිලධාරින් කණ්ඩායමකගේ සහය සඳහා කොළඹ සිටි පිලිප් කුමරුට යාමට සිදුව තිබෙනවා.

එහිදී ඔහු විසින් රිදී සහ කලු පැහැයෙන් යුත් Standard 9 වර්ගයේ මෝටර් රථයක් මිලට ගෙන එය තමන් විසින්ම පදවා ගෙන කොළඹ සිට ත්‍රිකුණාමලයට ගොස් යලි පැමිණ තිබුණා.

එම මෝටර් රථය මේ වන විට කොළඹ පිහිටි ගෝල්ෆේස් හෝටලයේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා.

පිලිප් කුමරු දෙවතාවක් ශ්‍රී ලංකාවට පැමිණි අතර ඒ සෑම අවස්ථාවකදීම තමන් මිලට ගත් පළමු මෝටර් රථය දැක බලා ගැනීමට පැමිණ තිබීමද විශේෂත්වයක්.

මෙල්බන් සරසවියේ උපාධියක් හැදෑරීමට බලාපොරොත්තු වන අයට දැනුවත් කිරීමේ වැඩසටහනක්

මෙල්බන් විශ්ව විද්‍යාලයේ උපාධියක් හැදැරීමට බලාපොරොත්තු වන දැනට ඔස්ට්‍රේලියාවේ වෙසෙන දෙස් විදෙස් විද්‍යාර්ථයින් සඳහා නවතම දැනුවත් කිරිමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව තුළ ට්විටර් අවහිර කිරීමේ අවදානමක්

ෆෙඩරල් අධිකරණයේ නියෝගයන්ට අනුකූලව කටයුතු නොකළ හොත් ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ඔස්ට්‍රේලියාව තුළ අවහිර කිරීමේ අවදානමක් මතුවී තිබෙනවා.

Read More »

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිදුවීම් ඉහළට

විදේශ රැකියා අවස්ථා ලබාදෙන මුවාවෙන් වංචනික ලෙස මුදල් එකතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »