Search

සුපිරි මලල ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ පදිංචිය සදහා ඔස්ට්‍රේලියාවට එයි

ශ්‍රී ලංකාවේ සුපිරි මලල ක්‍රීඩිකාව සහ 2000 සිඩ්නි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ සිය දරුවන් දෙදෙනා සමඟ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් හි පදිංචි වීමට තීරණය කර තිබෙනවා.

මීට මාස දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාවෙන් පිටව ගිය ඇය යළි ශ්‍රී ලංකාවට පැමිණීම අවිනිශ්චිත බවයි ඇය සදහන් කර ඇත්තේ.

ඇයගේ දරුවන්ගේ අධ්‍යාපනයට සහ අනාගතයට මුල්තැන දීම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමේ අරමුණ බව ඇය සදහන් කර තිබෙනවා.

සුසන්තිකාගේ සමකාලීන මලල ක්‍රීඩිකාවක් වන, ආසියානු පදක්කම්ලාභී සහ ඔලිම්පික් ක්‍රීඩිකා දමයන්ති දර්ශා ද මීට වසර කිහිපයකට පෙර සිය පවුල සමඟ ඔස්ට්‍රේලියාවේ පදිංචියට පැමිණියා.

49 හැවිරිදි සුසන්තිකා ජයසිංහ මීටර් 100 සහ 200 ඉසව්වේ විශේෂඥතාවක් ලබා ඇති විශ්‍රාමික ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ක්‍රීඩිකාවක්.

ඇය 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේ මීටර් 200 ඉසව්වේ රිදී පදක්කම දිනාගත් අතර, ඩන්කන් වයිට්ගෙන් පසු ඔලිම්පික් පදක්කමක් දිනූ දෙවැනි ශ්‍රී ලාංකිකයා වන්නේ ඇයයි.

තවද ඇය ස්ප්‍රින්ට් ඉසව්වකින් ඔලිම්පික් හෝ ලෝක ශූරතා පදක්කමක් දිනූ පළමු ආසියානු කාන්තාව බවට පත්වුණා.

2032 බ්‍රිස්බන් ඔලිම්පික් උළෙලේ අයවැය හිඟයක්

2032 වසරේ දී ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් හීදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් උළෙලේ අයවැය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත වී තිබෙනවා.

Read More »

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »