කැලිෆෝනියාවේ ගොඩනැගිල්ලකට කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.
ඒ අනුව දකුණු කැලිෆෝනියාවේ වාණිජ ගොඩනැගිල්ලකට කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 18 දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීන් තහවුරු කර තිබුණා.
අනතුර සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව බලධාරීන් වැඩිදුර විමර්ශන කරන අතර ඊට හේතුව මෙතක් අනාවරනය වී නැහැ.
මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාවය මෙතෙක් හදුනාගෙන නැති අතර ඔවුන් ගුවන් යානයේ සිටි අයද නැතහොත් භූමියේ ද යන්න මෙතෙක් අනාවරණය වී නැති බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේ දී එම ගොඩනැගිල්ලේ පුද්ගලයින් 200ක් පමණ සේවයේ යෙදී ඇති බව සදහන්.
ගුවන්තොටුපල මෙහෙයුම් අංශ සිද්ධිය පිළිබද විමර්ශන ආරම්භ කර ඇති අතර මේ දින වල ගුවන් යානා අනතුරු හේතුවෙන් මිය ගිය සංඛ්‍යාවද සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.