
ඊයේ රාත්‍රියේ Set For Life දිනුම් ඇදීමෙන් ඩොලර් මිලියන 4.8ක් දිනා ගැනීමට ඇඩිලේඩ් පුද්ගලයෙක් සමත්ව තිබෙනවා.
එම ත්‍යාග මුදල ත්‍යාගය වසර 20ක් සඳහා මසකට ඩොලර් 20,000 බැගින් වාරික වශයෙන් ජයග්‍රාහකයාට හිමිවනු ඇති.
ජයග්‍රාහකයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කළේ තමන් හට නිවසක් නොමැති බැවින් එම සිහිනය සැබෑ කරගැනීමට මෙයින් අවස්ථාව හිමිවන බවයි.
තම පවුලේ සාමාජිකයින් අවස්ථා කිහිපයක දී මෙලෙස කුලී නිවාස මාරු කර ඇති බැවින් මෙම අවස්ථාව තමන්ට ලැබූ හොදම ත්‍යාගය බව ඔහු වැඩිදුරටත් සදහන් කළා.

සිය පවුලේ පිරිස සමග ජයග්‍රාහි දිණුම් ඇදීමේ අංක පිරික්සීමේදි තමන් ජයග්‍රාහනය කර ඇති බව දැන ගැනීමෙන් පුදුමයට පත්වූ බවත් ඔහු සදහන් කර තිබුණා.
ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ තමන්ටම කියා නිවසක් මිලදී ගැනීම සිහිනයක් වූ බවත් එම සිහිනය යතාර්ථයක් කර ගැනීමට අවස්ථාව ලැබීම වඩාත් සතුටුදායක වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
