ඔස්ට්‍රේලියානු ප්‍රධාන ගුවන් සේවයක් වන වර්ජින් ඔස්ට්‍රේලියා හි කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුව දූෂණය කර ඔවුන් සතු දෑ සොරකම් කිරීම පිළිබඳ පරීක්ෂණයක් ක්‍රියාත්මක කළ බව Fiji රජය පවසනවා.
අලුත් අවුරුදු දිනයේ අලුයම් කාලයේදී මොවුන් දෙදෙනා මෙලෙස අතවරයට ලක්ව ඇති බව සඳහන්.
කාර්ය මණ්ඩල සාමාජිකයින් පසුදා නැවත පියාසර කිරීමට පෙර ජනප්‍රිය සංචාරක ගමනාන්තයක්වන නාඩි වෙත විවේකයක් ලබා ගැනිම සඳහා පැමිණ තිබෙනවා.
ඔවුන් එහි රාත්‍රී සමාජ ශාලාවකට ගොස් ඇති අතර, අළුයම් කාලයේ ඉන් පිටතට පැමිණ නැවතත් තමන් නවාතැන්ගෙන සිටින හෝටලයට යාමට පිටත්ව තිබෙනවා.
එ යන අතරතුරයි ඔවුන් දෙදෙනා මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ.
අදාළ සිදුවීම පිළිබද තමන් දැනුවත් බවත් , තම කාර්ය මණ්ඩල සාමාජිකයින් නැවත ගෙන්වා ගැනීමට වෙනම පිරිසක් යොදවා ඇති බවත් මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින්, වර්ජින් ඔස්ට්‍රේලියා ආයතනය සදහන් කර තිබෙනවා.