2025 වසර ඔස්ට්‍රේලියාව තවදුරටත් මුදල් රහිත සමාජයක් කරා ගමන් කරනු ඇති බව ආර්ථික විශේෂඥයින් අනතුරු ඇගවීමක් කර තිබෙනවා.
පසුගිය මූල්‍ය වර්ශයේ දී ඔස්ට්‍රේලියාවේ ATM යන්ත්‍ර 926 ක් සහ දේශීය බැංකු ශාඛා 230 ක් වසා දමා මුදල් රහිත සමාජයක් කරා වැඩි ප්‍රවේශයක් ලබා තිබුණා.
පසුගිය මැයි මාසයේ දී Macquarie බැංකුව මුදල් රහිත, ඩිජිටල් ගෙවීම් පමණක් සිදු කිරීම ආරම්භ කළ පළමු ඔස්ට්‍රේලියානු බැංකුව බවටයි නම් කෙරුණේ.
ඔස්ට්‍රේලියානු ව්‍යාපාර වැඩි ප්‍රමාණයක් මුදල් රහිත ගනුදෙනු වෙත මාරු වී ඇති අතර, ඇතැම් කැෆේ වෙළඳසැල් ද මේ වන විට මුදල් රහිත ගණුදෙනු වෙත මාරුව තිබෙනවා.
තව ද McDonald’s සහ KFC වැනි සමාගම් ද ඉදිරියේදී මුදල් රහිත ගණුදෙනු සදහා යොමුවීමට සුදානම් බව සදහන්.
මිනිසුන් වැඩි වැඩියෙන් ඩිජිටල් ගෙවීම් ක්‍රම භාවිත කරන නමුත් සමාජය තුළ මුදල් සඳහා අඛණ්ඩ ස්ථානයක් තිබිය යුතු බව භාණ්ඩාගාරික ජිම් චාමර්ස් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.