Search

මෙල්බන් හි ළමා අපචාර චෝදනාවකට ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකුට සිර දඩුවම්

මෙල්බන් හි සම පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් දිසානායක ළමා අපචාර චෝදනාවක් සම්බන්ධයෙන් සිරගත කර තිබෙනවා.

52 හැවිරිදි ප්‍රදීප් දිසානායක දරුවන් දෙදෙනෙකුට ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාව මත වසර 10 යි මාස 10 දක්වා සිර දඩුවම් නියම කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔහු 2017 වසරේ ශ්‍රී ලංකා සංචාරයකින් අනතුරුව පැමිණීමේදී  බුදුදහම සහ ක්‍රිස්තියානි ආගම මිශ්‍ර කර දේශනා කිරීම ආරම්භ කර ඇති බවත් සදහන් වනවා.

ඔහු වටා අනුගාමිකයින් රැසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

එක් ළමයෙකුට අවස්ථා පහක දී ලිංගික අතවර කිරීම සහ තවත් අවුරුදු  16ට අඩු දරුවෙකුට දෙවරක් ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනා ප්‍රදීප් දිසානායකට එල්ල වන චෝදනා අතර වනවා.

ඒසියලු වැරදි වලට ඔහු වරද පිළිගෙන ඇති බව සදහන්.

මනෝවිද්‍යාඥයකු සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී ලාංකික වෛද්‍යවරයා වරදේ වගකීම භාරගත් නමුත් ආගම අනුව ඔහුගේ ක්‍රියාව පැහැදිලි කළ බව අධිකරණයට දන්වා තිබෙනවා.

 

Sources – https://www.news.com.au/national/victoria/courts-law/dr-pradeep-dissanayake-melbourne-skin-specialist-jailed-for-abusing-children-in-cult/news-story/54655f7247035a12be7a03b51fe64b91?#

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »