Search

වසර ආරම්භයේම වික්ටෝරියානුවන්ට උෂ්ණත්වයෙන් බාධා

2025 වසර ආරම්භයේම දැඩි උෂ්ණත්වයෙන් බලපෑම් සිදුවිය හැකි බව කාළගුණ විද්‍යා කාර්යාංශය අනාවැකි පළ වනවා.

ඉදිරි දිනවල දී වික්ටෝරියා ප්‍රාන්තය වෙත දැඩි උණුසුම් කාලගුණික තත්වයක් අපේක්ෂා කරන අතර මෙම තත්වය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයටද බලපෑම් කළ හැකි බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සති අන්තයේ දී වික්ටෝරියා ප්‍රාන්තයේ සහ උතුරු ටස්මේනියා හි බොහෝ ප්‍රදේශවලට තාප තරංග (Heatwaves) ඇතිවීමේ අවදානමක් පවතින බවට අපේක්ෂා කෙරෙනවා.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය වෙත මේ වනවිටත් තාප තරංග (Heatwaves) හේතුවෙන් බලපෑම් එල්ල වී තිබෙන බවයි වාර්තා වී ඇත්තේ.

මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ එළඹෙන සෙනසුරාදා සිට සදුදා දක්වා දරුණු තාප තරංග (Heatwaves) තත්වයන් පැවතිය හැකියි.

මෙම තාප තරංග (Heatwaves) තත්වය ලබන සදුදා දිනය වන විට වර්ධනය විය හැකි බව ද සදහන්.

කාලගුණ විද්‍යා කාර්යංශය විසින් පෙන්වා දී ඇත්තේ පසුගිය වසරේ දී බටහිර ඔස්ට්‍රේලියා වෙරළ තීරය සහ නිව් සවුත් වේල්ස් – වික්ටෝරියා දේශ සීමාව තුළ ද සාමාන්‍ය උෂ්ණත්වයට සාපේක්ෂව උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බවයි

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »