ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සංක්‍රමණිකයින් සදහා පනවා ඇති සීමා හේතුවෙන් මෙරටට එන සංක්‍රමණිකයින් ක්‍රමයෙන් පහත බැස තිබෙනවා.
මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල කුලී නිවාස මිල හා දේපල මිල ගණන් පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.
විශේෂයෙන් සිඩ්නි සහ මෙල්බන් හි දේපල මිල ගණන් පහත වැටී ඇති අතර දේපළ වෙළඳාම් සමූහ ආයතනයක් වන CoreLogic පවසන්නේ මේ සදහා සෘජුවම සංක්‍රමණිකයින්ගේ පහත වැටීම බලපාන බවයි.
අඩු සංක්‍රමණිකයින් මෙරට කුලී ඉල්ලුම තවදුරටත් ලිහිල් කිරීමට ත්, නිවාස මිලදී ගැනීම සඳහා ඇති ඉල්ලුම අඩු කිරීමටත් ඉඩ ඇති, බවයි CoreLogic පවසන්නේ
සිඩ්නි හි මධ්‍ය නිවාස මිල සැප්තැම්බර් මාසයේ දී උච්චතම අවස්ථාවවකට පැමිණ තිබුණ ද මේ වන විට එම තත්වය ක්‍රමයෙන් පහත වැටි තිබෙනවා.
මෙල්බන් නගරයේ 2024 දී කුලී නිවාස මිල සියයට 2.9 ක විශාල වාර්ෂික පහත වැටීමක් පෙන්නුම් කර ඇති බව ද සදහන්.
නව නිවාස මිලද ක්‍රමයෙන් පහත වැටී ඇති අතර මෙල්බන් හි සියයට 3ක් ද හොබාර්ට් හි සියයට 0.6ක් ද සහ කැන්බරා හි සියයට 0.4% ඇතුළුව ප්‍රධාන නගර තුනෙහි වසරක් පුරා නව නිවාස මිලද පහත වැටී තිබීමද විශේෂත්වයක්.