ලොව වඩාත් උගත් රටවල් සම්බන්ධයෙන් නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනවා.
World of Statistics වෙබ් අඩවි දත්ත අනුව ලොව තෘතික අධ්‍යාපනය දක්වා අධ්‍යාපනය සම්පූර්ණ කර ඇති පුද්ගලයින් මත පදනම්වයි මෙම අධ්‍යනය සිදු කර ඇත්තේ.
මෙහිදි වයස අවුරුදු 24ත් 34ත් වියෙහි පසුවන පුද්ගලයින්ගේ අධ්‍යාපනය මෙහිදි නිරීක්ෂණ කර තිබුණා.
ඒ අනුව ලොව වඩාත් උගත් රට ලෙස නම් කර ඇත්තේ දකුණු කොරියාව වන අතර එම වයසේ පසුවන්නන්ගෙන් සියයට 69ක් උගතුන් වීම විශේෂත්වයක්.
එම ශ්‍රේණිගත කිරීමේ දෙවන තැන කැනඩාව හිමිකරගෙන ඇති අතර එම වයසේ පසුවන කැනේඩියානුවන්ගෙන් සියයට 67ත් උගතුන් බව සදහන්.
ජපානය සහ අයර්ලන්තය පිළිවෙලින් තුන සහ හතරවන ස්ථානය හිමිකරගෙන ඇති අතර ජපන් ජාතිකයින්ගෙන් සියයට 65ක් උගතුන් වන අතර අයර්ලන්ත වැසියන්ගෙන් සියයට 63ක් මෙලෙස උගතුන් ලෙසයි හදුනාගෙන ඇත්තේ.
එම ශ්‍රේණිගත කිරීමේ ඔස්ට්‍රේලියාවට හිමිව ඇත්තේ 11 වන ස්ථානය වන අතර එම වයසේ පසුවන ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 56ක් උගතුන් බව සදහන්.