ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍යයේ වෙසෙන රනිල් ජයවර්ධන නයිට් නාමයක් ප්‍රදානය කර තිබෙනවා.
ඒ, බ්‍රිතාන්‍ය යේ චාල්ස් රජතුමා විසින්. ඒ අනුව මින් ඉදිරියට ඔහු “සර් රනිල් ජයවර්ධන” ලෙස හැඳින්වීමට නියමිතයි.
රනිල් ජයවර්ධන බ්‍රිතාන්‍යයේ කොන්සවේටිව් පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙක් මෙන්ම එරට රජයේ අමාත්‍යවරයෙක්.
එහෙත් පසුගිය මහ මැතිවරණයේදී ඔහු නියෝජනය කරන හැම්ප්ෂෙයර් ආසනය ජය ගැනීමට හැකි වුණේ නැහැ.
කෙසේවෙතත් මහජන නියෝජිතයකු ලෙස රනිල් ජයවර්ධන මහතා මෙතෙක් ඉටු කළ කාර්යභාරය අගයමින් ඔහුට මෙලෙස නයිට් නාමයක් පිරිනමා ඇතැයි සඳහන්.
38 හැවිරිදි ශ්‍රීමත් රනිල් මැල්කම් ජයවර්ධන හිටපු කොන්සර්වටිව් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ,ඔහු 2015 සිට 2024 වසර දක්වා ඊසානදිග හැම්ප්ෂයර් ප්‍රාන්තය නියෝජනය කළා.