නවසීලන්ත කණ්ඩායම සමග පැවති තුන්වන සහ අවසන් T20 තරගයෙන් තීරණාතමක් ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (02) සමත් වුණා.
නෙල්සන් හීදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නවසීලන්‍ත කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණා කළා.
ඒ අවසරයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 218 ක් රැස කිරීමට සමත්කම් දැක්වූවා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ කුසල් ජනිත් පෙරේරා පන්දු 46 කදී ලකුණු 101 රැස් කළා.
එය වාර්තා අතරට එක් වූයේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක දී රැස් කළ තුන්වන ශතකය ලෙසයි.
ඒ වසර 14 කට පසුව වීමද විශේෂත්වයක්.
ලකුණු 219 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7 දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 211 ක් පමණයි.
කෙසේ වෙතත් තරග තුනකින් සමන්විත T20 තරගාවලියේ තරග 2 – 1ක් ලෙසින් ජය හිමි කර ගත්තේ නවසීලන්ත කණ්ඩායමයි.