Search

ට්‍රම්ප්ගේ හෝටලයක් ඉදිරිපිට Musk ගේ රථයක් පිපිරෙයි

අමෙරිකාවේ නෙවාඩාවේ ලාස් වේගාස් හි ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් හෝටලයකට පිටත ඉන්ධන කැනිස්ටර් සහ ගිනිකෙළි මෝටාර් පිරවූ ටෙස්ලා සයිබර් ට්‍රක් රථයක් පුපුරා ගොස් තිබෙනවා.

අනතුරින් රියදුරු මිය ගොස් තවත් හත් දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය පැවසුවේ.

තුවාල ලැබූ සියළු දෙනා යෞවනයන් බව සඳහන්.

මෙම ට්‍රක් රථය කොලරාඩෝ ප්‍රදේශයෙන් කුලියට ගෙන ඇති අතර පිපිරීමට පැය දෙකකට පමණ පෙර නගරයට පැමිණි බවයි පොලිසිය පවසන්නේ.

ට්‍රම්ප්ගේ හෝටලය ඉදිරිපිට වීදුරු දොරටුවක් අසල නවතා තිබූ වාහනය දුම් නැගීමට පටන් ගෙන පසුව පුපුරා ගිය බව සඳහන්.

මේ පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ, නව ජනපති වීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් හෝටලයක් ඉදිරිපිට සිදුවූ මෙම එලෝන් මස්ක්ගේ රථයක් පිපිරීම ගැන ධවල මන්දිරය අවධානය යොමු කරන බවයි.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »