Search

වසරක් තුළ මෙල්බන් හි කුලී නිවාස මිල වෙනස් වුනේ මෙහෙමයි

2024 වසරේ ප්‍රධාන නගරයන් හී කුලී නිවාස මිල පහත වැටුණු ආකාරය සම්බන්ධයෙන් නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

එම වාර්තා අනුව මෙල්බන් හි කුලී නිවාස අගය සියයට තුන කින් ද, හොබාර්ට් හි සියයට 0.6 සහ කැන්බරා හි සියයට 0.4 කින් වසර පුරා  පහත වැටීමක් පෙන්නුම් කර තිබුණා.

ඔස්ට්‍රේලියාවේ ජාතික වශයෙන් දෙසැම්බර් මස නිවාස අගය සියයට 0.1 කින් පහත වැටී ඇති අතර, කාර්තුමය ප්‍රතිඵල අනුව ද සියයට 0.1 කින් පහත වැටීමක් පෙන්නුම් කළ බවයි වාර්තා වන්නේ.

CoreLogic සමාගම විසින් මෙම නවතම දත්ත වාර්තාව අද නිකුත් කර ඇති අතර එහි පර්යේෂණ අධ්‍යක්ෂ Tim Lawless පැවසුවේ නිවාස වටිනාකම් පහත වැටීම පුදුමයට කරුණක් නොවන බවයි.

2024 වසර ආරම්භයේ කුලී නිවාස අගය සමස්තයක් ලෙස සියයට 4.1 කින් වැඩි වුවද වසර අවසානයේ එම අගය පහත වැටීමක් සිදු වූ බව සදහන්.

කෙසේ වුවත් සිඩ්නි හි නිවාස වටිනාකම වසර පුරා සියයට 2.3කින් ඉහළ ගොස් ඇති බවයි අනාවරණය වන්නේ.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »