
අමෙරිකාවේ නිව් ඕර්ලියන්ස් හි විශාල පිරිසක් වෙත වාහනයක් ධාවනය කිරීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් 30 දෙනෙකු තුවාල ලබා ඇති බව බීබීසී පුවත් සේවය පවසනවා.
මෙම සිදුවීම දේශීය වේලාවෙන් 03:15 ට නගරයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක්වන බෝර්බන් වීදියේදී සිදුව ඇති බව සඳහන්.
මෙලෙස ජනතාව අතරට කඩා වැදි වාහනයේ රියදුරු පිටතට පැමිණ ආයුධයකින් වෙඩි තැබීමට පටන් ගත් බවයි සිද්ධිය ඇසින් දුටුවන් සඳහන් කරන්නේ.

තුවාල ලැබූ පුද්ගලයින් රෝහල් ගත කර ඇති අතර මහජන ආරක්ෂක නිලධාරීන් එම ස්ථානයේ සිටින බව පළාත් පාලන ආයතන පවසනවා.
කෙසේ නමුත් ඊට ප්‍රතිචාර ලෙසින් පොලීසිය ද ඔහු දෙසට වෙඩිතබා ඇත.
ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර එම ප්‍රදේශය ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර තිබෙනවා.