ඔස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක වන සුපිරි වෙළදසැල් ජාලයන් ඔස්ට්‍රේලියා දිනය (Australia Day) වෙනුවෙන් සූදානම් වන ආකරය පිළිබදව බොහෝ දෙනාගේ අවධානයට ලක් ව තිබෙනවා.
ඒ අනුව Woolworths විසින් නිවේදනය කර ඇත්තේ ගෙවුණු වසරට සාපේක්ෂව මෙම වර්ෂයේ දී ඔස්ට්‍රේලියා දිනය සංකේතවත් කරන සැරසිලි සහ වෙළද භාණ්ඩ තම වෙළද සැල් වල වැඩි වශයෙන් අලෙවිය සදහා ප්‍රදර්ශනය කරන බවයි.
තම පාරිභෝගිකයන් වැඩි ප්‍රමාණයකට ඔස්ට්‍රේලියා දිනය සැමරීමට අවශ්‍ය බව සමාගම විසින් හදුනාගෙන තිබෙන බව ද සදහන්.
කෙසේ වෙතත් පසුගිය වසරේදී ඔස්ට්‍රේලියා දිනය ආසන්න වනවිට Woolworths සමාගම විසින් තම වෙළද සැල් තුළ ඔස්ට්‍රේලියා දිනය සංකේත්වත් කරන වෙළද භාණ්ඩ අලෙවි නොකරන බවට ප්‍රකාශ කර තිබෙනවා.
එම තීරණය හේතුවෙන් පසුගිය වසරේ එම කාල සීමාව තුළ Woolworth වෙළද සැල්වල භාණ්ඩ අලෙවිය සීග්‍ර ලෙස පහත වැටී තිබුණු බවයි පැවසෙන්නේ.
මේ අතර ඔස්ට්‍රේලියා දිනයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් කැමැත්තක් දක්වන ආහාර පාන පිළිබදව සමාගමේ විශේෂ අවධානය යොමුවී ඇතැයි වාර්තා වනවා.