Search

ඔස්ට්‍රේලියා ඩොලරය දිනෙන් දින පහළ යන හේතුව හෙළි වෙයි

අමෙරිකානු ඩොලරයේ අගයට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය සීග්‍ර ලෙස පහත වැටී ඇති බවට ආර්ථික විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

මේ වනවිට ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය සටහන් වී ඇත්තේ අමෙරිකානු ඩොලර් 0.62 ක් ලෙසයි.

චීන මුදල් ඒකකයේ (යුවාන්) ක්‍රියාකාරීත්වය මේ සදහා විශාල බලපෑමක් එල්ල කර තිබෙන බවයි විශේෂඥ මතය වී ඇත්තේ.

මෙලෙස පහත වැටෙන ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය නිමිති කරගෙන උද්ධමනයේ සැලකිය යුතු ඉහළ යෑමක් අපේක්ෂා කෙරෙනවා.

කෙසේ වෙතත් අමෙරිකානු ඩොලරය ගෙවුණු සතිවලදී ශක්තිමත් ව පවතින ආකාරයක් නිරීක්ෂණය වී ඇතැයි වාර්තා වනවා.

මේ අතර අමෙරිකා එක්සත් ජනපදය තුළ සංචාරයේ නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට ද මේ හරහා වියදම් අධික වනු ඇති බවයි අනුමාන කෙරෙන්නේ.

2032 බ්‍රිස්බන් ඔලිම්පික් උළෙලේ අයවැය හිඟයක්

2032 වසරේ දී ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් හීදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් උළෙලේ අයවැය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත වී තිබෙනවා.

Read More »

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »