වික්ටෝරියා ප්‍රාන්ත රජයේ නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පාර්ශව රැසකින් දැඩි විවේචන එල්ල වී තිබෙනවා.
ඒ අනුව ප්‍රාන්ත රජයේ නව බදු ප්‍රතිපත්තිවලට අදාළව ඊයේ (01) දිනයේ සිට Airbnb හෝ Stayz වැනි සේවාවන් හරහා නවාතැන් වෙන් කරවා ගන්නා පුද්ගලයන්ට 7.5% ක නව බදු මුදලක් ගෙවීමට සිදුවන බවයි දැක්වෙන්නේ.
මෙම නව බදු සංශෝධනය පසුගිය නොවැම්බර් මාසයේදී ප්‍රාන්ත පාර්ලිමේන්තුව තුළ සම්මත වී තිබෙනවා.
කෙසේ වෙතත් මෙම නව සංශෝධනය හේතුවෙන් Airbnb හෝ Stayz වැනි සේවාවන් හරහා නවාතැන් වෙන් කරවා ගැනීමේ සිට සිදුවන අනෙකුත් සේවාවන් වල මිල ගණන් කෙරෙහි ද බලපෑමක් එල්ල කර තිබෙන බවයි වාර්ත වන්නේ.
ඒ අනුව පිරිසිදු කිරීමේ ගාස්තු, ප්‍රමාද වී පිටවීම් සම්බන්ධ ගාස්තු, භාණ්ඩ හා සේවා බදු ගාස්තු (GST) වැනි අමතර සේවාවන් හි මිල ගණන් ද මේ හරහා ඉහළ යන බව ද සදහන්.
ලිබරල් පක්ෂ පාර්ලිමේන්න්තු මන්ත්‍රී ඩේවිඩ් ලිම්බ්‍රික් විසින් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රාන්ත රජය විසින් ෆෙඩරල් රජයේ බද්දක් මත තවත් බදු මුදලක් පනවා ඇති බවයි.
මේ හරහා සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන් අතර ව්‍යාකූල තත්වයක් ඇති විය හැකි බවයි වික්ටෝරියා සංචාරක කර්මාන්ත කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ෆෙලීෂියා මරියානි විසින් පෙන්වා දී ඇත්තේ.
මෙම බදු සංශෝධනය හරහා වසරකට ඩොලර් ම්ලියන 60 ක් පමණ ප්‍රාන්ත රජයට උපයා ගත හැකි බවත් එම මුදල් ප්‍රාන්ත නිවාස අරමුදල වෙත බැර කිරීමට නියමිත බව ද වැඩිදුරටත් සදහන්.