ලොව වැඩිම භාෂා ප්‍රමාණයක් භාවිතා වන රටවල් පිළිබඳව ශ්‍රේණිගත කිරීමක් නිකුත් වී තිබෙනවා.
මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත්තේ World of Statistics විසින් වීම ද විශේෂත්වයක්.
ඒ අනුව ලොව වැඩිම භාෂා ප්‍රමාණයක් භාවිතා කරන රටවල් අතර ඔස්ට්‍රේලියාවට හය වන ස්ථානය හිමි වී තිබෙනවා.
ඔස්ට්‍රේලියාව තුළ භාෂා 319 ක් භාවිතා වන බවයි එම වාර්තාව හරහා පෙන්වා දී ඇත්තේ.
මෙම ශ්‍රේණිගත කිරීමේදී පළමු ස්ථානය පැපුවා නිව් ගිනියාව වෙත හිමිවී තිබෙන අතර පැපුවා නිව් ගිනියාව තුළ භාෂාවන් 840 ක් පමණ භාවිතා වීම ද විශේෂත්වයක්.
එහි දෙවන ස්ථානය ඉන්දුනීසියාවට ලැබී ඇති අතර වාර්තා වන අන්දමට එරට තුළ භාෂාවන් 710 ක් පමණ භාවිතා වනවා.
එම රටවල් අතර තෙවන ස්ථානය නයිජීරියාව වෙත හිමි වෙද්දී එරට තුළ භාෂා 524 ක් පමණ භාවිතා වන බවයි දැක්වෙන්නේ.
ඉන්දියාව තුළ භාෂාවන් 453 ක් ද අමෙරිකා එක්සත් ජනපදය තුළ භාෂා 335 ක් භාවිතා වන බවයි මෙම දත්ත වාර්තාව ඔස්සේ වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.