Search

Visa ලැබෙන්නත් කලින් අයදුම් කරුවන් මිය යන ඔස්ට්‍රේලියා Visa කාණ්ඩය

විදේශයන්හි උපත ලබා ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා සිටින පුද්ගලයින්ට තම දෙමාපියන් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා ගෙන්වා ගැනිමට වීසා අයදුම් කිරීමෙන් පසු ඒ සදහා ගතවන කාලය අවුරුදු 31 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාවට මාපිය වීසා බලපත්‍රයක් බලාපොරොත්තුවෙන් අයදුම් කළ අයදුම්කරුවන්ෙගන් 2,300කට ආසන්න සංඛ්‍යාවක් මිය ගිය  ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මීට වසර 2කට පෙර වසර 12ක් ලෙස පැවති එම කාලය පසුගිය වසරේ දී එය වසර 14ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මේ වන විට එම කාලය වසර 31 දක්වා තවදුරටත් වර්ධනය වී ඇති බවයි ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ නවතම සංඛ්‍යාලේඛන වල දැක්වෙන්නේ.

ඔස්ට්‍රේලියානු රජය විසින් වසරකට නිකුත් කරන Parent Visa සංඛ්‍යාව 8500 ක උපරිමයකට යටත් කර තිබීම මීට ප්‍රධාන හේතුව ලෙස සදහන්

ඒ අනුව පසුගිය වසරේ ජූනි 30 වනදා වන විට එක්රැස් වී තිබු Parent Visa අයදුම්පත් සංඛ්‍යාව 140,615 ක් වන අතර එය 2022 වසරේ සටහන්ව ඇත්තේ 151,596 ක් ලෙසයි.

මෙම තත්වය හමුවේ ඇතැම් ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගේ විදේශ රටවල සිටින දෙමාපියන් ඔවුන්ගේ වීසා අයදුම්පත් වල ප්‍රතිඵල ලැබීමට පෙර මියගොස් ඇති අවස්ථා ද දක්නට ලැබෙන බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේ

Parent Visa සඳහා අයදුම් කිරීමේ ක්‍රම දෙකක් පවතින අතර මිල අධික ක්‍රමය යටතේ එක් අයදුම් පතක් සඳහා ඩොලර් 50,000 ක මුදලක් ද ගාස්තු අවම ක්‍රමවේදය ඔස්සේ එක් අයදුම්පතක් සඳහා ඩොලර් 5125 ක මුදලක් ද අය කෙරෙනවා.

Parent Visa අයදුම් කරන්නන්ගෙන් 10න් 8ක් ම අඩු වියදම් ක්‍රමය ඔස්සේ අයදුම් කෙරෙන අතර එම අයදුම්පත්‍ර අධික ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බව සඳහන්

මෙම ක්‍රමය කඩිනමින් විසදීම සදහා යෝජනා කිහිපයක් ඉදිරිපත්ව තිබුණ ද ඒවා ප්‍රායෝගිකය ක්‍රියාත්මක නොවන අතර ඔස්ට්‍රේලියානු සංක්‍රමණ පද්ධතියේ වරින් වර සිදුවන වෙනස්කම් ද මීට බලපා තිබෙනවා.

වසරකදී නිකුත් කරන Parent Visa සංඛ්‍යාව ඉහළ දැමීම මේ සදහා විකල්ප යෝජනාවක් වන අතර ෆෙඩරල් රජය මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ප්‍රකාශයට පත් කර නැහැ.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »