Search

ජනවාරි Travel කරන්න හොදම රටවල් අතරට ශ්‍රී ලාංකාවත්

2025 වසර ආරම්භයේ දීම විදෙස් සංචාර සදහා සුදුසුම රටවල් අතර ශ්‍රී ලංකාව පෙරමුණට පත්ව තිබෙනවා.

CN Traveller විසින් ඉදිරිපත් කර ඇති වාර්තා අනුව 2025 ජනවාරි මස විදෙස් සංචාර සැලසුම් කරන්නන් අතර හොදම රටවල් අතර තුන්වන තැනටයි ශ්‍රී ලංකාව නම් කර ඇත්තේ.

ඒ අනුව 2025 වසරේ සංචාරය සදහා සුදුසුම රටවල් අතර අංක 1කට නම් කර ඇත්තේ පිලිපීනයයි.

එම ශ්‍රේණිගත කිරීමට අනුව ඉතාලියේ කදුකර කලාපයක් වන Dolomites දෙවන තැනටයි නම් කර ඇත්තේ.

ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීමේ තුන්වන තැනට නම් කර ඇති අතර උෂ්ණත්වය ස්වභාව සෞන්දර්ය මෙන්ම මුහුදු තීරය යන සාධක මත සංචාරකයින් ශ්‍රී ලංකාව කරා වැඩි වශයෙන් ඇදී එනු ඇතැයි සදහන්.

ගාලු කොටුව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් අතර ආකර්ෂණීය ගමනාන්තයක් වනු ඇති බවයි දන්වා ඇත්තේ.

එම ශ්‍රේණිගත කිරීමේ 4 සහ 5 යන ස්ථාන බාබඩෝස් සහ තායිලන්තය හිමිකරගෙන තිබෙනවා.

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මරණ සහ අතුරුදන් ගණන වාර්තාගත ලෙස ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ දැඩි සුළං මේ සතියේ නැවතත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගිනි නිවන භටයින් ලැව්ගිනි තුනක් පාලනය කිරීමට තරඟ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »