Search

ඉදිරි සතිය වික්ටෝරියානුවන්ට තීරණාත්මකයි සෞඛ්‍ය අංශ වලින් අනතුරු ඇඟවීමක්

මදුරුවන්ගෙන් බෝවන ජපන් එන්සෙෆලයිටිස් රෝගයේ පළමු අවස්ථාව වික්ටෝරියා ප්‍රාන්තයෙන් සොයා ගෙන තිබෙනබා.

ජපන් එන්සෙෆලයිටිස් රෝගය ඩෙංගු සහ කහ උණට රෝගයට සමාන ලක්ෂණ පෙන්නුම් කරන අතර වික්ටෝරියා හි උතුරු ප්‍රදේශ පදිංචිකරුවෙකුට මෙලෙස
ජපන් එන්සෙෆලයිටිස් රෝගය වැළද ඇති බවයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළේ.

මෙම රෝගය මදුරුවන්ගෙන් සම්ප්‍රේෂණය වන අතර රෝග ලක්ෂණ අතර උණ, වමනය සහ හිසරදය සදහන් කර තිබෙනවා.

රෝග තත්වය දරුණු වුවහොත් අංශභාගය, සදාකාලික ආබාධිතභාවය හෝ මරණය පවා සිදුවිය හැකි බවයි සෞඛ්‍ය අංශ අනතුරු අගවා ඇත්තේ

වික්ටෝරියා හි වැඩබලන ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී ක්‍රිස්ටියන් මැක්ග්‍රාත් අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර මුරේ ගඟ අසල හෝ යාබද ප්‍රදේශවල ජනතාව අවදානයෙන් පසුවන ලෙසයි.

එළිමහනේ ගැසවෙන විට සම මත මදුරු විකර්ෂක භාවිතා කිරීම සුදුසු බවයි දැනුම් දී ඇත්තේ.

ඉදිරි සතිවලදී මදුරුවන්ගෙන් බෝවන රෝග ඇතිවීමේ අවදානම ඉහළ මට්ටමක පවන අතර ජනතාව ඉන් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසයි වැඩිදුරටත් දන්වා ඇත්තේ.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »