Search

2025 දී ඔස්ට්‍රේලියානුවන්ට AI බලපාන්නේ මෙහෙමයි

AI තාක්ෂණයෙන් මෙම වසරේ ඔස්ට්‍රේලියානුවන්ට වැඩි වාසි සහගත තත්වයන් අතකර දෙන බව විශේෂඥයින් පුරෝකතනය කර තිබෙනවා.

ගණුදෙනුකරුවන්ට වඩාත් පහසු සේවාවක් මෙන්ම AI විසින් බොහෝ සේවා පහසු 2025 වසරේ ඔස්ට්‍රේලියානුවන්ට වාසි සහගත බව බවයි සදහන් කර ඇත්තේ.

විශේෂයෙන් වාණිජමය අවකාශ තුළ AI වෙත වැඩි නැඹුරුවක් හිමිවන බවයි වාර්තා වනවා.

සිඩ්නි තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මහාචාර්‍ය මයිකල් බ්ලූමන්ස්ටයින් සදහන් කළේ පුද්ගලයින් AI ප්‍රජාවගේ වැඩ පහසු කළත් එහි ප්‍රතිපල සුබවාදී මෙන්ම අසුභවාදි විය හැකි බවයි.

ඉදිරියේදි සුපිරි වෙළදසැල් AI trolly භාවිතයට ද සූදානමක් පවතිනවා.

එසේම ඇතැම් රැකියා ක්ෂේත්‍ර වලද සම්පූර්ණ රාජකාරිය නොව ඇතැම් කොටස් AI සහයෙන් සිදු කළ හැකි බවයි මෙල්බන් විශ්වවිද්‍යාල පර්යේෂණ කණ්ඩායම් සදහන් කර ඇත්තේ.

එවිට රැකියාවන් ස්වයංක්‍රීය වීමට වැඩි ඉඩක් පවතින බව සදහන්.

රැකියා අපේක්ෂකයින් 2025 දී රැකියා සෙවීම් සදහා AI භාවිතා කිරීමට වැඩි ඉඩක් ඇති බව සදහන් කර තිබෙනවා.

2023 ජූලි මාසයේදී AI භාවිතය සියයට 10 ක් වූ අතර 2024 ජූනි මාසයේදී එම අගය සියයට 25 දක්වා වර්ධනය වී තිබුණා.

විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම වසරේ දී එම අගය තවදුරටත් වැඩි වන බවයි.

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මරණ සහ අතුරුදන් ගණන වාර්තාගත ලෙස ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ දැඩි සුළං මේ සතියේ නැවතත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගිනි නිවන භටයින් ලැව්ගිනි තුනක් පාලනය කිරීමට තරඟ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »