නව වසර උදාව සැමරීමට නීති විරෝධී ගිනිකෙළි භාවිත කිරීමෙන් සිදුවූ අනතුරු රැසක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා.
මෙල්බන් හි උතුරු ප්‍රදේශයේ නීති විරෝධී ගිනිකෙළි භාවිතයෙන් ගිනිගැනීම් තුනක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව Kurunjang, Glenroy, Greenvale යන ප්‍රදේශ වන මෙලෙස ගිනි ගැනීම් වාර්තා වූ බව සදහන්.
මීට අමතරව වික්ටෝරියා ප්‍රාන්තය පුරා ගිනිකෙළි ආශ්‍රිත නීති විරෝධී සිදුවීම් 280කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.
ගිනිකෙළි වලට අමතරව, මෝනිංටන් කලාපයේ පිහි ඇනුමක් සිදුව ඇති අතර වික්ටෝරියා පුරා දුම්රිය ස්ථාන වල ආයුධ රැගත් පුද්ගලයින් 14 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබීමද විශේෂත්වයක්.
ඔවුන් සතුව තිබී ආයුධ 18ක් සොයා ගැනීමටත් වික්ටෝරියා පොලීසියට හැකිව තිබෙනවා.