සුභසාධක දීමනාවලට අදාළව හිමි වන මුදල් ප්‍රමාණය ඉහළ දැමීමට ෆෙඩරල් රජය විසින් පියවර ගෙන තිබෙනවා.
ඒ ඉහළ යන ජීවන වියදම් සැලකිල්ලට ගෙන වීම ද විශේෂත්වක්.
මෙම සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මක වන බවයි සදහන් වන්නේ.
ඒ අනුව මෙම වර්ෂයේ දී එම දීමනා සදහා ගෙවන මුදල් 3.8% කින් ඉහළ යන බවයි එහි දක්වා ඇත්තේ.
මේ හරහා තරුණයින් සදහා ලබාදෙන දීමනා, ශිෂ්‍ය දීමනා ඇතුලු ෆෙඩරල් රජය විසින් ලබාදෙන සුභසාධක දීමනා රැසක් සදහා ලැබෙන මුදල් ප්‍රමාණය අද (01) දිනයේ සිට ඉහළ යනු ඇතැයි සදහන් වනවා.
කෙසේ වෙතත් ආර්ථික විශේෂඥයින්ගේ අදහස වී ඇත්තේ ෆෙඩරල් රජය විසින් ගනු ලබන මෙම ක්‍රියාමාර්ග පුද්ගල ජීවන වියදම් පාලනය සදහා ප්‍රමාණවත් නොවන බවයි.
මෙම ක්‍රියාවලියෙන් පසුව වුවද ඇතැම් ඔස්ට්‍රේලියානුවන් තවමත් දරිද්‍රතා රේඛාවේ පහලින් සිටින බවයි ඔස්ට්‍රේලියානු සමාජ සේවා කවුන්සිලයේ (ACOSS) ප්‍රධාන විධායක නිලධාරී කැසැන්ඩ්‍රා ගෝල්ඩ් විසින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.