2024 වසරේ දී දෙසැම්බර් 29 වනදා තෙක් ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත සංචාරකයන්ගේ සංඛ්‍යාව 2,037,960 ක් පමණ වනවා.
මෙම වසරේ දෙසැම්බර් මස පළමු වනදා සිට දෙසැම්බර් 29 වනදා දක්වා ශ්‍රී ලංකවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 233,087 ක් බවයි දැක්වෙන්නේ
ඒ අනුව මෙම වර්ෂයේ දී ශ්‍රී ලංකාව වෙත වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම ප්‍රමාණය 414,798 ක් විම ද විශේෂත්වයක්.
එහි දෙවන ස්ථානය රුසියාවට හිමිව ඇති අතර ගතවූ මාස 12 ක කාලසීමාව තුළ රුසියානු සංචාරකයින් 198,601 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
එමෙන්ම එක්සත් රාජධානියේ සිට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව 177,121 ක් බව ද සදහන්.
ගතවූ මාස 12 ක කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට පැමිණි ඔස්ට්‍රේලියානු සංචාරකයන් ප්‍රමාණය 88,904 ක් බවයි දැක්වෙන්නේ.
දෙසැම්බර් මස 29 වනදා තෙක් ඔස්ට්‍රේලියානු සංචාරකයින් 12,440 ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණ තිබීම ද කැපී පෙනෙනවා.