
ඔස්ට්‍රේලියාවේ වැඩ කරන ජනතාවට හිතාමතා අඩු වැටුප් ගෙවීම් හෝ රැකියාවට අදාළ හිමිකම් ගෙවීම් පැහැර හරින ඔස්ට්‍රේලියානු ආයතන වලට එරෙහි නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ෆෙඩරල් රජය දැනුම් දී තිබෙනවා.
ඒ අනුව 2025 ජනවාරි 1 වනදා සිට එසේ සේවකයින්ට අඩු වැටුප් ගෙවන ආයතන හිමිකරුවන්ට එරෙහිව දැඩි නීති ගන්නා බව සදහන්.
මෙලෙස සේවකයින්ට නිසි වැටුප් නොගෙවීම අද සිට අපරාධමය වරදක් ලෙස සැලකෙන බවයි වැඩිදුරත් දන්වා ඇත්තේ.

මෙලෙස සේවයට සරිලන වැටුප් හිතා මතා අඩු කරන ඔස්ට්‍රේලියානු ආයතන හිමිකරුවන්ට විරුද්ධව අපරාධ නඩු දැමීමේ අවස්ථාව ද අද සිට සේවකයින්ට හිමිවනවා.
යම් ආයතන ප්‍රධානියෙකු මෙලෙස අපරාධ නඩුවකට සම්බන්ධ වරදකට උසාවියෙන් වරදකරු වුවහොත් දඩ නියම වීමටක හෝ සිරගත කිරීමකට හෝ එම දඩුවම් දෙකටම යටත්වීමට සිදුවන බවයි දන්වා ඇත්තේ.

තවද මෙම වරදට වරදකරුවන ප්‍රධානීන්ට අවම වශයෙන් අවුරුදු 10කට යටත් වූ සිර දඩුවම් හිමිවන බවයි සේවා ස්ථාන සබඳතා පිළිබඳ ෆෙඩරල් අමාත්‍ය මරේ වොට් සදහන් කළේ.
ආයතනය කුඩා හෝ මහ පරිමාන්‍ය වුවද නිතිය සැමට පොදු බව වැඩිදුරටත් සදහන් වන අතර ඔස්ට්‍රේලියාවේ වැඩ කරන සේවකයින්ට ගෞරවාන්විත සේවාවක නියැලීමට අවස්ථාව සලසා දීම මෙහි අරමුණයි.