Search

Smartphone අධික භාවිතය හේතුවෙන් පිළිකා ඇතුළු විවිධ රෝග ඇතිවීමේ අවදානමක්

ස්මාර්ට් ජංගම දුරකථන අධිකව භාවිත කිරීම හේතුවෙන් පිළිකා ඇතුළු විවිධ රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ජීවන රටා හා මනෝවිද්‍යා උපදේශක වෛද්‍ය ලසන්ත විජේසේකර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විවිධ සංවිධාන ද මත පළකර ඇති බවය.

ස්මාර්ට් ජංගම දුරකථනයකින් නිකුත් කෙරෙන විද්‍යුත් චුම්භක තරංග පිළිකා ඇතුළු රෝග ඇතිවීමට බලපාන බව ඔහු එහිදී සඳහන් කළේය.

“ස්මාර්ට් ජංගම දුරකථනයකින් නිකුත් කෙරෙන විද්‍යුත් චුම්භක තරංගවලට දිගු කාලයක් තිස්සේ නිරාවරණයවීම රෝග ඇතිවීමට මග පාදන්න පුළුවන්. මේ රෝග මොනාද? විශේෂයෙන් මොළය ආශ්‍රිත රෝග, පියයුරු පිළිකා, පුරුෂයින් සතු දරුවන් හැදීමේ හැකියාව අඩුවීම, දරුවන්ගේ අවධානය අඩුවීම, අධි ක්‍රියාකාරීත්වය ඇතිවීම, සාමාජීය ගැටලු වගේ දේවල් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ස්මාර්ට් ජංගම දුරකථන භාවිතයේදී සීමා ඇතිකරගෙන සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ඇති කරගත යුතුයි.”