Search

වික්ටෝරියා පොදු ප්‍රවාහන සේවා ගාස්තු අද සිට ඉහළට

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි වික්ටෝරියා හි පොදු ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව වික්ටෝරියානු පොදු ප්‍රවාහන සේවාවට අදාළ දෛනික ගාස්තු සීමාව අද දින සිට ඩොලර් 11 ක් දක්වා ඉහළ යනු ඇති බවයි දැක්වෙන්නේ.

මීට පෙර පැවති ඩොලර් 10.60 දෛනික ගාස්තු සීමාව ශත 40 කින් පමණ ඉහළ ගොස් තිබීම ද විශේෂත්වයක්.

තවද සති අන්ත සහ රජයේ නිවාඩු දින ගාස්තු සීමාව ද ශත 40 කින් පමණ ඉහළ ගොස් තිබෙන අතර එහි නව අගය ඩොලර් 7.60 ක් ලෙස සටහන් වී තිබෙනවා.

එමෙන්ම දෛනික සහන ගාස්තු සීමාව ද ඩොලර් 5.30 සිට ඩොලර් 5.50 දක්වා ඉහළ දමා ඇති අතර සති අන්ත සහ රජයේ නිවාඩු දින සඳහා වන සහන ගාස්තු සීමාව ද ඩොලර් 3.60 සිට ඩොලර් 3.80 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් ප්‍රාදේශීය ගාස්තු සීමාවන් පෙර පැවති මිලටම ඉදිරියටත් පවත්වා ගෙන යන බවයි වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »