Search

ඔස්ට්‍රේලියා Passport එක අද සිට මිල අධික වෙයි

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර ගාස්තු ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව නව විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී ඔස්ට්‍රේලියානුවන්ට වැඩි මුදලක් ගෙවීමට සිදුවන බවයි වාර්තා වන්නේ.

ලෝව වඩාත්ම මිල අධික විදේශ ගමන් බලපත්‍රයක් ලෙස සැලකෙන ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රය ඒ අනුව යළිත් එම වාර්තා අලුත් කරනු ඇති බව සදහන්.

විදේශ කටයුතු දෙපාර්තමේන්තුව සදහන් කලේ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයේ මිල ඩොලර් 398 සිට ඩොලර් 412 දක්වා අද (01) සිට ඉහළ යන බවයි.

ඒ අනුව මෙම වර්ෂයේ දී විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීම සුදානම් ඔස්ට්‍රේලියානුවන්ට අමතර ඩොලර් 14ක මුදලක් ගෙවීමට සිදු වනවා.

මෙලෙස ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයේ මිල ඉහළ දැමීමට නීතිමය අවසරයක් පවතින අතර එය පාරිභෝගික මිල දර්ශකයට අනුකූලව සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට රටවල් 180 කට අධික සංඛ්‍යාවකට වීසා රහිත ප්‍රවේශ වීම සදහා ද මේ වනවිට අවස්ථාව හිමිව තිබීම ද විශේෂත්වයක්.

2032 බ්‍රිස්බන් ඔලිම්පික් උළෙලේ අයවැය හිඟයක්

2032 වසරේ දී ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් හීදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් උළෙලේ අයවැය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත වී තිබෙනවා.

Read More »

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »