අද (01) දින සිට උපත ලබන දරුවන් නව පරම්පරාවකට (Generation) අයත් වන බවට හදුනාගෙන තිබෙනවා.
ඒ අනුව අද (01) උදෑසන 12.00 න් පසුව උපත ලබන සියලුම දරුවන් අයත් වන්නේ Generation Beta වෙතයි.
මෙම පරම්පරාව 2025 වසරේ සිට 2039 දක්වා උපදින දරුවන්ගෙන් බිහි වන බවයි සදහන් වන්නේ.
2010 සිට 2024 වසරේ අවසානය දක්වා උපත ලැබූ දරුවන් අයත් වූයේ Generation Alpha වෙත වීම ද විශේෂත්වයක්.
Mccrindle වෙබ් අඩවිය මගින් පෙන්වා දී ඇත්තේ මෙම නව පරම්පරාව 2035 වසර වන විට ලෝක ජනගහණයෙන් 16% ක් පමණ වනු ඇති බවයි.
Beta පරම්පරාව නියෝජනය කරන බොහෝ දෙනෙකු 22 වන සියවස තුළ ජීවත් වීම සදහා වරම් හිමි කර ගන්නා බව ද එම වෙබ් අඩවියේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.