Search

වසර 87 ක ඉතිහාසය වෙනස් කළ Boxing Day ප්‍රේක්ෂකාගාරය

ඔස්ට්‍රේලියා කණ්ඩායමට විශිෂ්ට ජයක් අත් කර දෙමින් ඊයේ (30) අවසන් වූ Boxing Day Test තරගයේ සමස්ත ප්‍රේක්ෂක සහභාගීත්වය සම්බන්ධ වාර්තාවක් නිකුත් වී තිබෙනවා.

ඒ අනුව තරගයේ පස් වන සහ අවසන් දිනය ලෙස ක්‍රියාත්මක වූ ඊයේ (30) දිනයේදී පමණක් MCG වෙත 74,362 ක ප්‍රේක්ෂකයන් පිරිසක් පැමිණ තිබීම ද විශේෂත්වයක්.

දෙසැම්බර් 26 වනදා ආරම්භ වූ ඉන්දු – ඔස්ට්‍රේලියා Boxing Day ටෙස්ට් තරගය සජීවීව නැරඹීම සදහා දින පහක කාලසීමාව තුළ පැමිණි සමස්ත ප්‍රේක්ෂකයින් සංඛ්‍යාව 373,691 ක් බවයි දැක්වෙන්නේ.

මෙය ඔස්ට්‍රේලියාව සත්කාරකත්වය දැරූ ටෙස්ට් තරගයක් සජීවීව නැරඹීම සදහා පැමිණි වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක් වී තිබෙනවා.

එමෙන්ම MCG හී දී පැවති ටෙස්ට් තරගයක් සජීවීව නැරඹීමට පැමිණි වැඩිම ප්‍රේක්ෂක සහභාගීත්වය ද මෙවර Boxing Day ටෙස්ට් තරගයේ දී වාර්තා වීම ද කාගේත් අවධානයට ලක් ව තිබෙන බවයි සදහන් වන්නේ.

මෙලෙස බිඳ වැටුණේ 1937 වසරේ එංගලන්තය සමග දින 06 ක් පුරාවට පැවති ටෙස්ට් තරගයක ප්‍රේක්ෂක සහභාගීත්වය සම්බන්ධ වාර්තාවක් වීම ද විශේෂත්වයක්.

එම තරගය සජීවීව නැරඹීම සදහා දින 06 ක් පුරාවට 350,534 ක ප්‍රේක්ෂකයින් පිරිසක් පැමිණ ඇතැයි වැඩිදුරටත් සදහන්.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »