නවතම “ෆොර්බ්ස් වාර්ෂික ධනවතුන්ගේ ලැයිස්තුව” අනුව ලොව වැඩිම “බිලියනපතියන්” සිටින නගරය වන්නේ චීනයේ බීජිං නගරය යි.
එම සඟරාවට අනුව පසුගිය වසරේදී බීජිං නගරයේ නව බිලියනපතියන් 33 දෙනෙක් වාර්තා වී තිබේ.
ඒ අනුව එම නගරයේ මේ වනවිට බිලියනපතියන් 100 ක් සිටී.
ඒ අනුව එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරය අභිබවා යෑමට බීජිං නගරය සමත්විණි. එහි සිටින බිලියනපතියන් ගණන 99කි.
කොවිඩ් වසංගතය පාලනයට සමත්වීමත් විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික් තාක්ෂණික සමාගම සහ කොටස් වෙළෙඳපොළේ වර්ධනය ඊට හේතුවූ බව ෆොර්බ්ස් සඟරාවේ දැක්වේ.