වික්ටෝරියා හි හෙක්ටයාර 74000ක් පුරා වේගයෙන් ව්‍යාප්ත වු ලැව් ගිනි හේතුවෙන් වනසතුන් රැසක් නගර වෙත පැමිණ තිබෙනවා.
වනජීවි භාරකරුවන් ලැවිගිනි හේතුවෙන් අසරණව සිටින සතුන්ට රැකවරණය සැපයීමට ඉදිරිපත් ව තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ තත්වය හමුවේ වනජීවී නිලධාරියෙක් ඇගේ නිවස තුළ කැන්ගරුවන් 20 ක් ගෙනැවිත් ආරක්ෂිතව තබාගැනීමේ පුවතක්ද වාර්තා වනවා.
මෙම නිලධාරිනිය සඳහන් කළේ හැකිනම් අසරණ සතුන් සියල්ල නිවස තුළට ගැනීමට කැමති බවත් එය ප්‍රායෝගිකව කළ නොහැක්කක් බවයි.
ලැවි ගිනි හේතුවෙන් විශාල සතුන් සංඛ්‍යාවක් මියගොස් ඇති අතර එම ප්‍රමාණය මෙතෙක් ඇස්තමේන්තුගත කර නැහැ.
විශේෂයෙන් ගස්වල වාසස්ථාන සදා සිටින් සතුන් විශාල සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ලැව්ගිනි වලට කලබලවී මාර්ග වෙත සතුන් වැඩි වශයෙන් පැමිණ ඇති හෙයින් ඒ ආශ්‍රිත මාර්ග වල ගමන් කරන රියදුරන් සැලකිලිමත් වන ලෙස වැඩිදුරටත් සදහන්