Search

අගමැතිගෙන් පක්ෂ Facebook ගිණුමකට වාරණයක්

විපක්ෂ නායක පීටර් ඩටන් සහ ඔහුගේ බිරිඳට අපහාස වන ආකාරයේ post සමාජ මාධ්‍ය ජාලවලින් ඉවත් කරන ලෙස අගමැති ඇන්තනි ඇල්බනීස් වික්ටෝරියානු කම්කරු පක්ෂයට නියෝග කර තිබෙනවා.

විපක්ෂ නායක ගේ සහ ඔහුගේ බිරිදයේ ජායාරූප යොදාගනිමින් Face Book සහ Email පණිවුඩ ඔස්සේ “He is not a monster” ලෙස සදහන් කරමින් විවිධ post හුවමාරු වී තිබුණා.

කෙසේ වෙතත් විපක්ෂ නායකවරයා සදහන් කලේ ඔහු නායකත්වය දුන් ලිබරල් පක්ෂය කිසි විටෙකත් ඇන්තනී ඇල්බනීස්ගේ පෞද්ගලික ජීවිතය ඉලක්ක කරගනිමින් අපහස නොකරන බවයි.

තවද විපක්ෂ නායක වරයා X ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ බොහෝ දෙනෙක් දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් තමන්ට සහ තම බිරිදට අපහස කරන බවයි.

වික්ටෝරියානු ලිබරල් සෙනෙට් සභික ජේම්ස් පැටර්සන්
ද මෙම ක්‍රියාව X ගිණුමේ සටහනක් තබමින් හෙළා දැක තිබෙනවා.

අගමැති ඇන්තනි ඇල්බනීස්ගේ ප්‍රකාශකයෙකු පැවසුවේ වික්ටෝරියානු කම්කරු පක්ෂයේ සමාජ මාධ්‍යවලින් මෙම post ඉවත් කර ඇති බවයි.

කෙසේ වෙතත් මෙම අවස්ථාවේ දී අගමැති ඇල්බනීස් කළ ක්‍රියාව බොහෝ දෙනෙක් අගය කර තිබුණා.

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »