මෙම වසරේ ඩොලර් මිලියන 21.42කට වැඩි වටිනාකමකින් යුත් ප්‍රධාන ලොතරැයි ත්‍යාග 24ක් ලබා ගැනීමට ජයග්‍රාහකයින් මෙහෙත් ඉදිරිපත් නොමැති බව අනාවරණය වී තිබෙනවා.
හිමිකම් නොගත් ත්‍යාග දහයක් , ඩොලර් මිලියන 1ක් හෝ ඊට වැඩි ලොතරැයි ත්‍යාග බවයි Lott සමාගම
සදහන් කළේ.
මෙලෙස හිමිකර නොගත් ලොතරැයි ත්‍යාග අතුරින් මගහැරී ඇති වැඩිම වටිනාකමක් සහිත ලොතරැයි අගය ඩොලර් මිලියන 4.8ක් වන බවයි වාර්තා වන්නේ.
තවත් ඩොලර් මිලියන 4.8ක ජයග්‍රාහී ටිකට් පතක් වසර තුනකට පෙර එනම් 2021 වසරේ අප්‍රේල් මාසයේදී කැන්බරා වොඩන් හි අලෙවි කර ඇති අතර එහි ජයග්‍රාහකයාද තවමත් ඉදිරිපත් වී නැහැ.
හිමිකම් නොගත් ත්‍යාග වලින් 12ක් නිව් සවුත් වේල්ස් වෙතින් ද, පහක් ක්වීන්ස්ලන්තයෙන් ද, දෙකක් බැගින් ACT, වික්ටෝරියා සහ බටහිර ඔස්ට්‍රේලියාවෙන් ද, එකක් දකුණු ඔස්ට්‍රේලියාවෙන් ද බව සදහන්.
Lott සමාගම පැවසුවේ ලොතරැයි ජයග්‍රාහකයින්ට ඔවුන්ගේ ත්‍යාග ලබා ගැනීමට ඇති කාලය ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වන බවයි.
ඔබ ලබන වසරේ ටිකට්පතක් මිලදී ගන්නේ නම් අනිවාර්යයෙන්ම ටිකට්පත ලියාපදිංචි කරන ලෙසයි ජනතාවට උපදෙස් ලබා දෙන්නේ.