ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ 2025 වසරේ දී සිල්ලර වෙළද භාණ්ඩයන්හි මිල ගණන් සම්බන්ධයෙන් අධ්‍යනය ක් සිදුකර තිබෙනවා.
2025 දී සිල්ලර බඩු මිල පහත වැටීමට ඉඩක් නොමැති බව විශේෂඥයින් සදහන් කර ඇත්තේ.
තවද 2025 වසර ආරම්භයේ ඔස්ට්‍රේලියානු සුපිරි වෙළඳසැල් හි මිල ගනන් කෙසේ වෙනස් වන්නේ ද යන්න පාරිභෝගික සේවා කොමිසම විසින් අධ්‍යනයක් කර තිබුණා.
ක්වීන්ස්ලන්ත තාක්ෂණ විශ්ව විද්‍යාලයේ පාරිභෝගික හැසිරීම් පිළිබඳ මහාචාර්ය Gary Mortimer සදහන් කර ඇත්තේ නව වසරේ, ආහාර මිල ශීඝ්‍රයෙන් පහත වැටීමක් අපේක්ෂා නොකරන බවයි.
මිලෙහි වෙනසක් පාරිභෝගිකයින්ට හිමිවන්න නම් ඉන්ධන මිලද තවදුරටත් පහත වැටිය යුතු බව විශේෂඥයින් සදහන් කර ඇත්තේ
Aldi, Metcash, Coles සහ Woolworths වැනි සුපිරි වෙළදසැල් මිලකරණ උපාය මාර්ග මත කටයුතු කරන බවයි පාරිභෝගික සේවා කොමිෂන් සභාව සදහන් කළේ.
වට්ටම් ලබා දෙන මුවාවෙන් ඔස්ට්‍රේලියානුවන් නොමග යවන බවට සුපිරි වෙළද සැල් ප්‍රමුඛ්‍යයින් සිදුකළ ක්‍රියා සම්බන්ධ අවසන් වාර්තාව පෙබරවාරි මස ෆෙඩරල් රජයට භාර දෙන බව ද පාරිභෝගික කොමිසම සදහන් කළා.